ශ්රී ලංකාව සහ මැලේසියාව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් සකස් කරලීම පිළිබඳවත් ඒ සඳහා මූලික පියවර කඩිනමින් ගැනීම සඳහාත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා හා මැලේසියානු අග්රාමාත්ය නජීබ් රසාක් මහතා අතර එකඟතාවක් ඇතිව තිබේ.
අද (14 දා) දහවල් බෙයිජිං නුවර ‘එක් තීරයක් – එක් මාවතක්’ මහ සමුළුව අතරවාරයේ අග්රාමාත්යවරුන් දෙපළ අතර හමුව සිදු වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා පවත්වා තිබේ.
එසේම දෙරට අතර වෙළඳ ගනුදෙනු ශක්තිමත් කරලීම සහ මැලේසියානු ආයෝජකයින් ශ්රී ලංකාවේ ආයෝජනය කරලීම සඳහා පෙළඹවීම පිළිබඳව ද සාකච්ඡා පවත්වා තිබේ.
මෙහිදී ශ්රී ලංකාවේ රාජ්ය සේවයේ කළමනාකරණ හැකියාවන් වැඩි දියුණු කරලීමට සහ මැලේසියානු තාක්ෂණික සහයෝගීතා වැඩසටහන යටතේ ශ්රී ලංකා රාජ්ය සේවකයින් වැඩි වශයෙන් පුහුණු කරලීමට සහයෝගය ලබා දීමට මැලේසියානු අග්රාමාත්යවරයා එකඟ වී තිබේ.
එක් තීරයක් – එක් මාවතක් ප්රයත්නය ඔස්සේ දෙරටට ලබා ගත හැකි ප්රතිලාභයන් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.