රෝහල් මගින් ලබාදෙන ප්‍රතිකාරයන්හි වටිනාකම ඇතුළත් කර ඉදිරියේදි රිසිට්පතක් ලබාදෙන බවත් ඒ සඳහා ගාස්තුවක් අය නොකරන බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරතන මහතා පවසයි.
අනුරාධපුර රෝහල වෙනුවෙන් හිදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“හැම ප්‍රතිකාරයකටම රිසිට් එකක් නිකුත් කරනවා. සල්ලි ගන්නේ නෑ. සමහරු එළියට බහිනවා ලක්ෂ 15යි ප්‍රතිකාරය හැබැයි දන්නේ නෑ. සත 15කවත් වටිනාකමක් නෑ. එතකොට කියයි කෑ ගහයි මේ පුද්ගලීකරණය පළමු අදියර කියයි. කමක් නෑ. මම ඉන්නකම් මේවා පුද්ගලීකරණය කරන්න වෙන්නේ නෑ.”