රෝහල්වල එක්ස් කිරණ පරීක්ෂණ සඳහා අවශ්‍ය දළ සේයාපට හිඟය මගහරවමින් සියලුම රෝහල්වලට අවශ්‍ය දළ සේයාපට බෙදාහැරීම ආරම්භකළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය අවධාරණය කළේය.
ඒ අනුව පෙරේදා (05දා) සිට බෙදාහැරීම් ආරම්භකළ බවත්, එක්ස් කිරණ පරීක්ෂණ සඳහා අවශ්‍ය දළ සේයාපට හිඟයක් පවතින බවට මාධ්‍ය මගින් පළ කළ වාර්තා පිළිබඳව අවධානය යොමුකරමින් මෙම හිඟය මගහැරවීමට කටයුතු කළබවද වෛද්‍ය සැපයුම් අංශය සඳහන් කළේය.
ඒ අනුව එක්ස් කිරණ දළ සේයාපට 4000ක් පෙරේදා (05) රෝහල්වලට බෙදාහැරීමට පියවර ගෙන තිබේ. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඉදිරි සතිය තුළ තවත් දළ සේයාපට තොගයක් වෛද්‍ය සැපයුම් අංශයට ලබාදීමට නියමිතව ඇති බවත්, එම තොගය ලැබීමෙන් පසු පැවැති දළ සේයා පට හිඟය අවසන් වන බවත් වෛද්‍ය සැපයුම් අංශයේ අධ්යක්ෂ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා පැවසීය.
රෝගී සත්කාරක සේවා සඳහා අවශ්‍ය උපකරණ සහ ඖෂධ තොග මාස 06ක පමණ කාලයකටරැස්කර තබාගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා වෛද්‍ය සැපයුම් අංශයට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට උපදෙස් ලබාදී ඇති බවද වාර්තාවේ.