රෝගී ජනතාවගේ ජීවත්වීමේ අයිතීන් වෙනුවෙන් හා වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
සෞඛ්‍ය අමාත්‍යවරයාත්, උසස් අධ්‍යාපන අමාත්‍යවරයාත්, වෛද්‍ය සභාවේ කටයුතු දේශපාලන ග්‍රහණයට ලබාගැනීමට උත්සාහ දරමින් සිටින බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (02දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.