පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා විසින් ඇතිකරගෙන තිබූ මතගැටුම නිවැරදි කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (20දා) පැවසීය.
මේ වන විට ජපානයේ සංචාරයක යෙදෙන රණසිංහ මහතා ඉදිරි පැය 48 ඇතුළතදී දිවයිනට පැමිණ සත්‍ය තත්ත්වය පැහැදිලි කරනු ඇති බවත්, මෙම සිද්ධිය උපයෝගී කරගනිමින් ඒකාබද්ධ විපක්ෂයේ බෙදීමක් ඇතැයි පැවසීමට ඇතැම් පිරිස් උත්සාහ කරන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
බොරැල්ල ඇන්.ඇම්.පෙර්රා කේන්ද්‍රෙය් පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය වසර දෙකක කාලය තුළදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් 10 දෙනෙකු ආණ්ඩුවට එකතුවන බවට පුවත්පත්වල ප්‍රධාන ප්රවෘත්ති 09ක් සහ කුඩා ප්රවෘත්ති 63ක් පළකර තිබුණද මේ දක්වා එවැනි දෙයක් සිදු නොවූ බවයි.