රේගු ප්‍රධානීන් 03ක් අත්අඩංගුවට
වාහන අමතර කොටස් ආනයනය කරන ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 125 ක මුදලක් අල්ලස් වශයෙන් ගැනීමට කටයුතු කළ රේගු නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ව්‍යාපාරික කටයුත්තක් සමථයකට පත් කිරීම සඳහා මෙම රේගු නිලධාරීන් විසින් එම මුදල අදාළ ව්‍යාපාරිකයාගෙන් ඉල්ලා තිබෙන අතර, ඒ පිළිබඳව ව්‍යාපාරිකයා විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.
මෙම ව්‍යාපාරිකයාගෙන් රුපියල් මිලියන 150 ක අල්ලසක් ඉල්ලා තිබෙන අතර, එම පැමිණිල්ලට අනුව අදාළ මුදල රුපියල් මිලියන 125 ක් දක්වා අඩුකර රජයේ මුදල් යොදාගෙන එම මුදල් ලබාදීමට අල්ලස් කොමිසම සැලසුම් කර තිබේ.
මෙම සැලසුමට අනුව ඊයේ (15දා) සවස පංචිකාවත්ත ප්‍ර‘දේශයේදී රේගු නිලධාරීන්ට අදාළ මුදල් ලබා දී තිබෙන අතර, එම අවස්ථාවේදීම අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් රේගු නිලධාරීන් තිදෙනාම අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගත් නිලධාරීන් රඳවා තබාගෙන ඊයේ සවස 7.00 පමණ වනවිටත් ප්‍රශ්න කරමින් තිබූ අතර, ප්‍රශ්න කිරීම අවසන් වූ පසු මොවුන් අධිකරණයට ඉදිරිපත් කරන බවද අල්ලස් කොමිසමේ නිලධාරියෙක් සඳහන් කළේය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ රේගු අධිකාරී සුමීර පරාක්‍රම, නියෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක හා සහකාර රේගු අධිකාරී එම්.ඩී.යූ.ජී. පෙරේරා යන රේගු නිලධාරීන් විසිනි.
මෙම මුදල් ප්‍රමාණය අල්ලස් ලබාදීමේදී අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් වැඩිම මුදල ලෙසද වාර්තා වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

