ඉන්දියාවෙන් රු.6000/- කට ගෙන්වන අක්ෂි කාචයක් රෝගීන්ට රු.25,000/- කට පමණ අලෙවි කරන බව හෙළිවී ඇති බවත්, පෞද්ගලික රෝහල්වලදී අධික මිල ගණන් යටතේ අක්ෂි කාච අලෙවි කරන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රශ්න කරයි.
ඒ අනුව, අක්ෂි කාච මිල නියාමනය කිරීම තුළින් අක්ෂි කාචයක් රු.10,000/-කට පමණ අලෙවි කළ හැකි බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
රෝගීන් සඳහා ලබාදෙන අත්‍යවශ්‍ය ඖෂධ මිල අඩු කිරීමේ වැඩපිළිවෙළට සමගාමීව ශල්‍ය උපකරණවල මිලද අඩු කිරීමට තීරණය කරමින්, එහි පළමු අදියර යටතේ අක්ෂි කාච මිල අඩු කිරීමට සැලසුම් කර ඇති බව පවසමින් අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා තිබේ.