මාගම්, රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව 2015 සිට 2017 දක්වා රුපියල් මිලියන 8.35ක ආදායමක් උපයා ඇතැයිපාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද (04දා) පැවසීය.
නාගරික සංවර්ධන ආයතනය විසින් පාලනය කරනු ලබන මෙම ආයතනය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 3967ක් වැය වී තිබෙන බවද ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
ඒ සඳහා කොරියානු සහයෝගිතා ජාත්‍යන්තර ආයතනය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක ණය මුදලක් සහ ඉතිරිය මහාභාණ්ඩාගාරය විසින් දරා ඇති බවද කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය.
මෙම සම්මන්ත්රණ ශාලාවේ සංවර්ධන කටයුතු සඳහා රජය තවදුරටත් මුදල් යෙදවීමක් නොකරන බවත්, 'හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව' නමින් නාගරික සංවර්ධන අධිකාරිය විසින් සම්මන්ත්රණ ශාලාවක් පවත්වාගෙන නොයන බවත් හෙතෙම සඳහන් කළේය.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් එ.ජා.ප. මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමුකර තිබූ පැනයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව කියාසිටියේය.