රුසියාව විසින් සිරියාවට ගුවන් ප්‍රහාර එල්ල නොකරන බවත්, රුසියාව ඉලක්ක කරන්නේ ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ සන්ධානය ඉලක්ක කරන ත්‍රස්ත කණ්ඩායම් බවත් රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් පවසයි.
රුසියානු ජනාධිපති බෂර් අල් අසාද්ට එරෙහි සටන්කාමීන්ට එරෙහිව රුසියාව ගුවන් ප්‍රහාර එල්ල කරන්නේ යැයි පැවසෙන චෝදනා ඔහු තරයේ ප්‍රතික්ෂේප කරයි.
එමෙන්ම, සිරියාවේ විපක්ෂය ලෙස කටයුතු කරන නිදහස් සිරියානු හමුදා සටන්කාමීන් කිසිසේත්ම ත්‍රස්ත සංවිධානයක් ලෙස නොසලකන බවද රුසියානු විදේශ අමාත්‍යවරයා පවසයි.
රුසියානු ගුවන් හමුදා අද (01දා) දෙවැනි දිනටත් රුසියාවේ තෝරාගත් ඉලක්ක වෙත ප්‍රහාර දියත් කරන ලදී.
ක්‍රෙම්ලීනය පවසන්නේ IS ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් අඩපණ කිරීම සඳහා සහාය ඉල්ලා සිරියානු රජයෙන් ලැබුණු ආරාධනයකට අනුව මෙම ගුවන් ප්‍රහාර දියත් කළ බවයි.
.jpg)
.jpg)
.jpg)