න්‍යෂ්ටික තාක්ෂණය යොදාගනිමින් ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්රය නගාසිටුවීමට සහාය ලබාදීමට රුසියාව සිය එකඟත්වය ප්‍රකාශ කර ඇත. රුසියානු තානාපති යූරි මැටරි මහතා හා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සමග පැවැති සාකච්ඡාවේදී තානාපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
න්‍යෂ්ටික තාක්ෂණය යොදාගනිමින් ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්රයේ දැවැන්ත සංවර්ධනයක් ඇති කළ හැකි බවත් ඒ සඳහා රුසියාවේ න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ තාක්ෂණික සහාය සහ උපදේශනය මෙන්ම මූල්‍ය ණය පහසුකම්ද සැපයීමට හැකි මාර්ග පිළිබඳව සොයා බලන බවත් තානාපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.
න්‍යෂ්ටික තාක්ෂණය යොදාගනිමින් ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්රය නගාසිටුවීමට තම රජයේ සහාය ලබාදීමට සිය එකඟත්වය පළකර සිටින බව, රුසියානු තානාපති යූරි මැටරි (Yury Materiy) මහතා අවධාරණය කළේය. පසුගියදා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සමග එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වූ නිල සාකච්ඡාවකදී තානාපතිවරයා මේ බව අනාවරණය කළේය.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ ව්‍යුහය හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව කරුණු විමසාබැලූ තානාපතිවරයා, න්‍යෂ්ටික තාක්ෂණය යොදාගනිමින් ශ්‍රි ලංකාවේ කර්මාන්ත ක්ෂේත්රයේ දැවැන්ත සංවර්ධනයක් ඇතිකළ හැකි බව පැවසීය. ඒ වෙනුවෙන් තම රටේ න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ තාක්ෂණික සහාය සහ උපදේශනය මෙන්ම මූල්‍ය ණය පහසුකම්ද සැපයීමට හැකි මාර්ග පිළිබඳව තමා සොයාබලන බව අවධාරණය කළේය.
මෙම හමුුවේදී අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා, ශ්‍රී ලංකාව තුළ පවතින්නාවූ විකිරණශීලීත්වය මෙන්ම එමගින් ජනතාවට සිදුවන්නාවූ අහිතකර තත්ත්වයන් පිළිබඳව ක්‍රියාත්මකවන පරමාණුක බලශක්ති අධිකාරිය, ඉදිරියේදී කර්මාන්ත ක්ෂේත්රයේ සංවර්ධනය උදෙසා යොදාගැනීමට හැකි ආකාරයෙන් නගාසිටුවන බව පැවසීය. එසේම වසර ගණනාවක් පුරාවට ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින්නාවූ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ මිත්‍රත්වය තවතවත් තහවුරු කිරීම වෙනුවෙන් රුසියාවෙන් මෙරටේ කර්මාන්ත ක්ෂේත්රයේ උන්නතිය උදෙසා න්‍යෂ්ටික බලශක්තිය යොදාගනීමට ලැබෙන්නවූ සහාය මහත් සේ ඉවහල් වනු ඇතැයිද පැවසීය.