රුසියානු යානයක් පසුපස නේටෝ යානා ලුහුබඳී
බෝල්ටික් සාගරයට ඉහළ අහසේ පියාසර කරමින්, අනවසරයෙන් එස්තෝනියානු ගුවන් සීමාවට පැමිණි රුසියානු ඔත්තු බැලීමේ යානයක් පසුපස නේටෝ ප්රහාරක යානා ලුහුබැඳිමක් සිදුකර ඇති බව වාර්තා වෙයි.
රුසියාව පවසා ඇත්තේ Ilyushin-20 නමැති තම නිරීක්ෂණ යානය පුහුණු ගුවන් ගමනක යෙදී සිටි බවත්, එය එස්තෝනියානු ගුවන් සීමාව උල්ලංඝනය නොකළ බවත්ය.
මීට පෙරද දේශසීමා උල්ලංඝනය කරමින් ගුවන් යානා ගමන් කිරීම සම්බන්ධයෙන් රුසියාව චෝදනා ලබා තිබුණි.
නැගෙනහිර යුක්රේනයේ හටගෙන ඇති මතභේදකාරී තත්ත්වයත් සමග රුසියාව සම්බන්ධයෙන් මේ වනවිට කලාපය තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් උද්ගතව ඇති අතර, යුරෝපා සංගමය මෙන්ම ඇමෙරිකාව විසින්ද රුසියාවට සම්බාධක පනවා තිබේ.
එමෙන්ම, පසුගියදා ස්වීඩනයද තම මුහුදු සීමාවේ රුසියානු සබ්මැරීනයක් ගැවසීම සම්බන්ධයෙන් දැවැන්ත සෝදිසි මෙහෙයුමක් සිදුකළ තිබුනේ, එකී උණුසුම තවත් වැඩි කරමිනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

