රුසියානු ජනපතිවරණයේ ස්වාධීන නීරීක්ෂකයෙක් ලෙස සම්බන්ධවිමට පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාට අවස්ථාව හිමිව තිබේ. මන්ත්රීවරයා මේ වන විට රුසියාවට පිටත්වව ගොස් ඇත.රුසියානු පාර්ලිමෙනතුවේ (ඩුමා) සභාපතිවරයාගේ ආරාධනයෙන් මන්ත්රීවරයා මෙම අවස්ථාවට එක්ව ඇත.
රුසියානු ජනපතිවරණය හෙට (18දා) පැවැත්වීමට නියමිතය. මෙම මැතිවරණයෙන් වත්මන් ජනපති ව්ලැඩ්මීර් පුටින් ජයගනු ඇති බවට දැනටමත් මත පළකර අවසන්ය.