රුපියල වාර්තාගත ලෙස අවප්රමාණය වෙයි, ඩොලරය රු. 160 ඉක්මයි
ඩොලරයට සාපේක්ෂව වාර්තාගත ලෙස ශ්රී ලංකා රුපියල අවප්රමාණය වී තිබේ. ඒ අනුව අද (07දා) වන විට ශ්රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතවල ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 160.006ක් ලෙස සටහන් විය. ශ්රී ලංකා ඉතිහාසයේ ඩොලරයක් වෙනුවෙන් ගෙවීමට සිදුවන ඉහළම මිල මෙය වෙයි.
ප්රධාන වශයෙන් ශ්රී ලංකාවට විදේශ විනිමය ගලා නොඒම මේ සඳහා හේතුව වී තිබේ. මීට අමතරව ඩොලරයක ගැනුම් මිල රුපියල් 156.91ක් දක්වා වාර්තා ගත ලෙස වැඩි වී තිබේ.
අපනයන ඉක්මවා ආනයන රට තුළට ගලා ඒම, විදේශ විනිමය රටට නොලැබීම, රට තුළ පවතින ආර්ථික හා දේශපාලන අර්බුද මෙන්ම සෘජු විදේශ ආයෝජන නොලැබීම මේ සඳහා බලපාන හේතු අතර වෙයි.
පසුගිය මාස කිහිපය තුළ දිගින් දිගටම රුපියල අවප්රමාණය විය. එය රුපියල් 156, 157, 158 හා පසුගිය මාසයේදී හා මේ මාසයේ මුල් සතියේදී 159ක් ලෙස දැක්විණ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

