රුපියල අවප්‍රමාණය වූ නිසා ණය බර බිලියන 836කින් වැඩි වුණා
මෙරට රුපියල අවප්‍රමාණ වී ණය බර කෝටි 83,600කින් වැඩිව ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ මහතා පැවසීය.
අද (17දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම මේ බව පැවසීය. එසේම වත්මන් රජය රටේ ණය බර දල දේශීය නිශ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 78%ක් දක්වා වැඩිකර ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“මේ ආණ්ඩුව ණය බරයි, ණය බරයි කියලා කෑ ගැහුවාට ඇත්තෙන්ම ණය අර්බූදයක් හැදුවේ මේ ආණ්ඩුවමයි. රටක ණය බර මණින ලෝක සම්මත මිම්ම තමයි ආණ්ඩුවක සමස්ත ණය ප්‍රමාණය දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශ කිරීම. ඒ අනුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බලයට පත්වන විට ණය බර 102%යි. මහින්ද රාජපක්ෂ මහතා ගෙදර යන විට ණය බර 71% දක්වා පහත දාලයි තිබුණේ. ආර්ථික මොළ ඉන්න මේ ආණ්ඩුව දන්න ශිල්ප ඔක්කොම පෙන්වලා ණය බර 78% දක්වා ඉහළ නංවලා.
2014 අගදී රුපියල් ට්‍රිලියන 7.4ක් සමස්ත රාජ්‍ය ණය 2017 වසර අග දී රුපියල් ට්‍රිලියන 10.3ක් දක්වා 39%කින් ඉහළ නැගලා. අපි ආණ්ඩුව භාර දෙන විට ඩොලරයක අගය රුපියල් 131යි. දැන් ඒක රුපියල් 159 දක්වා ඉහළ නැගලා. ඒ කියන්නේ කිසිම ඩොලරයක් වැඩිපුර ණයට නොගත්තත් සෑම ණය ඩොලරයක් සඳහාම රුපියල් 28කින් ණය ප්‍රමාණය ඉහළ යනවා. පසුගිය මාස 40ට පමණක් රුපියල අවප්‍රමාණය වීම නිසා පමණක් අපි ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් බිලියන 836ක් හෙවත් කෝටි 83,600ක් ලෙස වැඩි වී තිබෙනවා.” යැයි පැවසුවේය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

