රජයට ගෙවිය යුතු බදු මුදල් අඩුවෙන් ගණනය කරදීම සඳහා සිල්ලර වෙළෙඳ සැලක ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 25,000/-ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු ආදායම් බදු නිලධාරියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා වසර 16 ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළේය.
අබ්දුල් ගෆුර් මොහොමඩ් ලාෆුර් නැමැත්තෙකුට මෙසේ දඬුවම් නියම කෙරුණි.
විත්තිකරු අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් 25,000/-ක මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියම කළේය.
සමාජය අල්ලසින් බේරා ගැනීමට අනෙකුත් රාජ්‍ය සේවකයන්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ සහකාර අධ්යක්ෂ තුෂාරි දයාරත්න මහත්මිය කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවයා අදාළ දඬුවම් වලට අමතරව රුපියල් 16,000/-ක දඩයක්ද ඔහුට නියම කළේය.