රුපියල් මිලියන 350ක් පමණ වටිනා රන් ආභරණ තොගයක් මෙරටට ගෙන ආ ගුවන් තොටුපළ සේවකයෙකු අද (18දා) පෙරවරුවේ අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව කටුනායක ගුවන්තොටුපළ රේගුව පැවසීය.
මෙම සැකකරු 27හැවිරිදි වියේ පසුවන ගුවන්තොටුපළ සේවකයෙකු වන අතර මොහු අද පෙරවරු 10.25ට ශ්රී ලංකන් එයාර් යූ.එල්. 319 ගුවන් යානයෙන් මැලේසියාවේ ක්වාලාලාම්පූර් සිට දිවයිනට පැමිණ ඇත.
ඒ අනුව මෙම සැකකරුගේ ගමන් මල්ල පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී කිලෝග්රෑම් 6 1/2ක රන් ආභරණ තොගය හමුවූ බව ගුවන්තොටුපල රේගුව වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපළ රේගුව වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.