රුපියල් එක්කෝටි දාහත් ලක්ෂ හැටනමදාස් හයසිය හතලිස් හතක් වටිනා විදේශීය මුදල් තොගයක් රැගෙන සිංගප්පුරුව සහ ඩුබායි බලා යාමටපැමිණි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් තිදෙනෙක් සමග තරුණියක් කටුනායකදී ඊයේ (08දා) අත්අඩංගුටව පත්ව තිබේ.
සැකකරුවන් ගොඩනැගිලි ද්‍රව්‍ය සහ විදුලි උපාංග ව්‍යාපාරිකයෝ බව රේගුව කියයි. මොවුහු දෙමටගොඩ සහ කොලොන්නාව යන ප්‍රදේශ වල පදිංචිකරුවෝ වෙති.
අත්අඩංගුවට ගනු ලැබු විදේශීය මුදල් අතර ඇමරිකානු ඩොලර් පනස් අට දාස් අටසීයක් හා සෞදි රියාල් එක් ලක්ෂ දහතුන් දහසක් තිබූ බව රේගුව කියයි.
ඔවුන් සමග සිටි තරුණියගේ වයස අවුරුදු 18 කි.