රුපියල් කෝටි 1803ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු කළේය. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් මෙම පරිපූර්ක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
විදේශයන්හි සේවය කරන ශ්‍රී ලංකා තානාපතිවරුන් වෙනුවෙන් වාහන මිලදී ගැනීමට රුපියල් කෝටි 8ක්, මහපොළ ශිෂ්‍යත්වය ලබාදීමට රුපියල් කෝටි 125ක්, එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට රුපියල් කෝටි 151ක්, ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනයට ක්‍රීඩා අමාත්‍යාංශයට රුපියල් කෝටි 18ක්, දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් වෙනුවෙන් කෝටි 260ක් හා සමුද්‍රීය ආරක්ෂක ශක්‍යතා වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් කෝටි 266ක මුදල් ඇස්තමේන්තුවේ ඇතුළත් වෙයි.