ඉවතලන රුධිර ප්ලාස්මා ඖෂධ නිෂ්පාදනයට යොදා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.
ශ්‍රී ලංකාවේ ප්‍රථම ඖෂධ නිෂ්පාදන කර්මාන්ත කලාපය ඉදිකිරීම සඳහා ගිවිසුම් අත්සන් කිරීමට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙම කර්මාන්ත කලාපය කළුතර වැලිපැන්න ප්‍රදේශයේ ඉදි කෙරෙන අතර, මැලේසියානු සමාගමක් සහ B.P.C. හෙල්ත් කෙයා ආයතනය මෙම කර්මාන්ත කලාපය තුළ ඖෂධ නිෂ්පාදන කිරීමට ගිවිසුම් අත්සන් ඇත.
B.P.C. හෙල්ත් කෙයා ආයතනය ඉවතලන රුධිර ප්ලාස්මා භාවිත කරමින් ඖෂධ නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“ඖෂධ නිෂ්පාදනය ආරම්භ කිරීමෙන් මෙරට ඖෂධ මිල තවත් අඩු වෙනවා. ඖෂධ කර්මාන්ත ශාලා කලාප ඉදිකිරීම යටතේ මෙහි පළමුවැන්න කළුතර වැලිපැන්න ප්‍රදේශයේ දී ඉදිකිරීමටයි සැලසුම් කර ඇත්තේ. සායනික අපද්‍රව්‍ය ලෙස සෑම වසරකදීම රුධිර ප්ලාස්මා ගැලුම් 1000 ක් පමණ විනාශ කරනවා. එය එක් අතකින් පරිසර විනාශයක්. මෙම රුධිර ප්ලාස්මා භාවිත කරමින් ඖෂධ නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ද ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරනවා. ඒ සදහා ඉදිරිපත් වී ඇත්තේ ඇමෙරිකානු ආයෝජකයෙක්. මීට පෙර ඉන්දීය ආයෝජකයෙකු විසින් රුධිර ප්ලාස්මා භාවිත කරමින් ඖෂධ නිෂ්පාදනය කරනු ලැබුවා.” යැයි ද පවසා සිටියේය.