දියවැඩියා රෝගීන්ගේ රුධිරගත සීනි ප්‍රමාණය පරීක්ෂා කරන Glucose Stripes සහ Glucose masinයන උපකරණයන්හි මිල නියාමනය කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කර තිබේ.
දියවැඩියා රෝගීන් භාවිත කරන උපකරණයන් විවිධ මිල ගණන් යටතේ අලෙවි වන බැවින්, අමාත්‍යවරයා විසින් මෙම තීරණය ගෙන ඇත.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ Glucose Stripes 25 ක පැකට්ටුවක් රුපියල් 1500.00 සිට අධික මිල ගණන්වලට වෙළෙඳ පොළේ අලෙවි වන අතර,Glucose masinරුපියල් 2500 සිට විවිධ මිල ගණන් යටතේ අලෙවි කෙරෙන බවයි.
ඒ අනුව, පෞද්ගලික රෝහල්වල අය කරන මිල ගණන් වර්ග 53ක මිල නියාමනය කිරීමෙන් අනතුරුව පිළිකා රෝගීන් භාවිත කරන ඖෂධවල මිල ගණන් අඩු කිරීමට අමාත්‍යවරයා බලාපොරොත්තු වන බවත් ඉන්පසුව දියවැඩියා රෝගීන් භාවිත කරන උපකරණවල මිල නියාමනය කිරීමට නියමිත බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා සිටියි.