කොළඹ - කුරුණෑගල පොලිස් වසමේ දවුල්දෙණිය නාල්ල පාලම අසළදී පාසන් ළමුන් ප්රවාහනය කරන වෑන් රථයක් හා කැබ් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පාසල් ළමුන් 7 දෙනෙකු තුවාල ලබා දඹදෙණිය රෝහලට ඇතුළත් කර තිබේ.
අලව්ව් සිට ගම්පහට සිසුන් ප්රවාහනය කළ වෑන් රථයක් හා ජා ඇල සිට දඹුල්ල දෙසට ධාවනය වූ කැබ්රියක් මෙසේ අනතුරට ලක්ව ඇත්තේ අද (08දා) පෙ.ව. 6.45ට පමණයි.
අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථයේ ළමුන් 8 දෙනෙකු ගමන් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කැබ්රියේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.