ADA
www.ada.lk
2025 ජුනි මස 24 වන අඟහරුවාදා
මොටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව පුත්තලම නගරයේ අද (28දා) දින සංවිධානය කර තිබූ වාහන වායු විමෝචන වැඩසටහනේදී පෞද්ගලික බස් රථයක ස්ටිකර් ඇලවීමට විරෝධය දැක්වූ කොන්දොස්තරවරයාට රියදුරා විසින් පහරදී ස්ටිකරය අලවා ගැනීමට කටයුතු කර තිබේ.
මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කර තිබූ මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස පුත්තලම දිස්ත්‍රික් ලේකම් එම්.එච්.එම්. චිත්‍රානන්ද මහතා එක්ව සිටියේය.
පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරයා පවා තම නිල රථයට මෙම ස්ටිකරය ඔහුගේම අතින් අලවා ගැනීම සිදුවන අයුරු දැකගත හැකිවිය.
වවුනියාව - කොළඹ අර්ධ සුඛෝපභෝගී බස් රථයක් නවතා ස්ටිකර් ඇලවීමට සූදානම් වනවිට කොන්දොස්තර එයට දැඩි විරෝධයක් මතු කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
බස් රථයේම රියදුරු ඉදිරිපිටදීද එම ස්ටිකරය ඇලවීමට කොන්දොස්තර විරෝධය මතු කරනවාත් සමග කිසිවෙකු නොසිතූ ආකාරයට රියදුරු කොන්දොස්තරවරයාට පහරදී තිබේ.
popular news
ට්‍රම්ප් මේක ආරම්භ කළා අපි මේක අවසන් කරනවා
නව භාණ්ඩාගාර ලේකම්ගේ ’පැටිකිරිය’ මෙන්න
ස්පා තරුණ කාන්තාව බිහිකල බිළිදා රෝහල් නානා කාමරයෙ කාණුුවක
මුදල් නියෝජ්‍ය ඇමති ඉල්ලා අස්වෙයි
ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඇමෙරිකාවෙන් ප්‍රහාරයක්
හෝමූස් ගැන ඇමෙරිකාව චීනයෙන් කළ ඉල්ලීම
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd