www.ada.lk
2026 ජුලි මස 23 වන බ්රහස්පතින්දා
මොටර් රථ ප්රවාහන දෙපාර්තුමේන්තුව පුත්තලම නගරයේ අද (28දා) දින සංවිධානය කර තිබූ වාහන වායු විමෝචන වැඩසටහනේදී පෞද්ගලික බස් රථයක ස්ටිකර් ඇලවීමට විරෝධය දැක්වූ කොන්දොස්තරවරයාට රියදුරා විසින් පහරදී ස්ටිකරය අලවා ගැනීමට කටයුතු කර තිබේ.
මොටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කර තිබූ මෙම වැඩසටහනේ ප්රධාන ආරාධිතයා ලෙස පුත්තලම දිස්ත්රික් ලේකම් එම්.එච්.එම්. චිත්රානන්ද මහතා එක්ව සිටියේය.
පුත්තලම දිස්ත්රික් ලේකම්වරයා පවා තම නිල රථයට මෙම ස්ටිකරය ඔහුගේම අතින් අලවා ගැනීම සිදුවන අයුරු දැකගත හැකිවිය.
වවුනියාව - කොළඹ අර්ධ සුඛෝපභෝගී බස් රථයක් නවතා ස්ටිකර් ඇලවීමට සූදානම් වනවිට කොන්දොස්තර එයට දැඩි විරෝධයක් මතු කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
බස් රථයේම රියදුරු ඉදිරිපිටදීද එම ස්ටිකරය ඇලවීමට කොන්දොස්තර විරෝධය මතු කරනවාත් සමග කිසිවෙකු නොසිතූ ආකාරයට රියදුරු කොන්දොස්තරවරයාට පහරදී තිබේ.
popular news
එකම පොලිස් කෝට්ඨාසයක පොලීසි දෙකක් අයියටයි මල්ලිටයි භාරදෙයි
දුරගමන් සේවා සඳහා ලංගමට වායු සමනය කළ බස් රථ 600ක්
ආජන්ටිනාව පරදවමින් ස්පාඤ්ඤය පාපන්දු ලෝක කුසලානය දිනයි
පොඩි මැණිකෙගේ පාපුවරුවේ ගිය තුර්කි තරුණිය දුම්රියෙන් වැටෙයි
කැරපොතු ජනතා පක්ෂය ඉන්දීය පාර්ලිමේන්තුව වටලයි
ඉරානයට දැඩි ප්රහාර රැල්ලක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd