පිටකොටුවේදී බස්රථ රියදුරෙකුට පහරදුන් බවට චෝදනා එල්ල වී තිබෙන වේල්ලවීදිය පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකු පිළිබඳව පොලිස්පති නියමයෙන් විශේෂ පරීක්ෂණයක් අරඹා තිබේ.
කටුනායක, කොළඹ අධිවේගී මාර්ගයේ ධාවනය වන ලංගම බස්රථ රියදුරෙකුට පහරදුන් බවට පිටකොටුව වේල්ලවීදිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙන අතර, එම පැමිණිල්ල පිළිබඳව සොයාබලන ලෙස උසස් පොලිස් නිලධාරීන්ට පොලිස්පතිවරයා විසින් නියෝග කර ඇත.
යම් ලෙසකින් පොලිස් සැරයන්වරයා නීතිය ඉක්මවා කටයුතු කර තිබේනම් ඔහුගේ වැඩ තහනම් කරන ලෙසටද පොලිස්පතිවරයා විසින් උසස් පොලිස් නිලධාරීන්ට නියෝග ලබාදී තිබේ.