ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ 138 වන වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පස්වරුවේ පැවැත්විණි.
විද්‍යාලයේ පෝතක බාලදක්ෂයින් විසින් විශේෂ උත්තමාචාරයක්ද ජනාධිපතිතුමා වෙනුවෙන් පිරිනැමීය.
යුද්ධයෙන් මිය ගිය විද්‍යාලයේ ආදි ශිෂ්‍යය රණවිරුවන් සිහිපත් කිරීම වෙනුවෙන් විද්‍යාල පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති රණවිරු ස්මාරකය සදහා පුෂ්පෝපහාර දැක්වීමටද ජනාධිපතිතුමා එක් විය.
අනතුරුව ත්‍යාග ප්‍රදානෝත්සවයට එක් වූ අතර විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන් වෙත සංකේතාත්මකව ත්‍යාග ප්රදානය කිරීමටද එක් විය.