(UPDATE) චිලියේ රික්ටර් පරිමාණ 7.7ක භූ කම්පනයක් ඇති වී තිබෙන බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
මෙම භූ කම්පනයෙන් පසුව එරට දකුණුදිග වෙරළ තීරයේ සුනාමි අනතුරු ඇඟවීමක්ද සිදුකර තිබේ.
පෝර්ටෝ මොන්ට් නගරයේ සිට කිලෝ මීටර් 225ක් සාගරයේ කිලෝ මීටර් 15ක් ගැඹුරින් භූ කම්පනයේ අපිකේන්ද්‍රය පිහිටි බවද ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
එහිදී, චිලී හදිසි ආපදා කාර්යාලය විසින් මෙම සුනාමි අනතුරු ඇඟවීම නිකුත් කරමින් ලොස් ලාගෝස් කලාපයේ ජනතාව වෙරළ කලාපයෙන් ඉවත්කරමින් සිටින බවද විදෙස් වාර්තා පවසයි.
භූ කම්පනයෙන් අලාභානි රැසක් සිදුව ඇති බවද වාර්තා වෙයි.