සියලු උපාධිධාරීන්ට රැකියා ලබාදීම සහ ඒ සඳහා බඳවා ගන්නා වයස් සීමාව 45 දක්වා වැඩි කිරීමට උපාධිධාරීන්ට රැකියා ලබාදීමට අදාළව අගමැති පත් කළ කමිටුව එකඟතාව පළ කළ බව රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය පවසයි.
ඒ අනුව පළාත්වල පවතින සියලු ගුරු හා සංවර්ධන නිලධාරී පුරප්පාඩු, ජාතික පාසල් ගුරු පුරප්පාඩු සහ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවලට අදාළ සියලු පුරප්පාඩු බඳවා ගන්නා ලෙස ඉල්ලා ඊට අදාළ මුදල් වෙන්කරන ලෙස දන්වා අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මුදල් අමාත්‍යාංශයට පත්‍රිකාවක් යවා ඇත.
රැකියා ලබාදීමට අගමැති පත් කළ කමිටු වාර්තාවට අදාළව උපාධිධාරීන්ට රැකියා දීමට අදාළ වාර්තාව මුදල් අමාත්‍යාංශයට යවා ඇති අතර පුරප්පාඩු පිරවීම සඳහා මුදල් වෙන්කරන ලෙස මෙමගින් දැනුම් දී තිබේ.
අගමැති පත් කළ කමිටුවේ ප්‍රධානී ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ව්‍යාපෘති ලේකම් ශාන්ත බණ්ඩාර මහතා රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය වෙත මේ බව දැනුම්දී තිබේ.