රැකියා දස ලක්ෂය ඉදිරියේදී යථාර්තයක් කරනවා
රැකියාවට ගැලපෙන පුහුණු පාඨමාලා ඉදිරියේදී ඇතිකරමින් අනාගතයට ගැලපෙන ආකාරයට අනාගත ශ්‍රම හමුදාව නිර්මාණය කිරීම හෙට සිට ආරම්භ කරන බව නව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා අද (23දා) පැවසීය.
ගාල්ලේ ඉමදූව දීගොඩ සමාධි ශ්‍රී සම්බුද්ධ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍යයේ කොත නිරාවරණය කිරීම සඳහා එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“අද මට තියන වගකීම අපේ රටේ තරුණයන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම. බොහෝ දෙනෙක් අද රැකියා දස ලක්ෂයක් ගැන කථා කරනවා. නමුත් කිසිම වැඩපිළිවෙලක් නෑ. අපේ රටට ආයෝජකයෝ ආවාට ඒ අයට අවශ්‍යකරන පුහුණු සේවකයෝ නෑ.
තරුණ තරුණියන්ට පුහුණුව තියෙන්නේ රැකියා නැති ක්ෂේත්රවල. හැමෝම යනවා කම්පියුටර් කෝස් කරන්න කියලා. නමුත් රැකියා නෑ. මම පසුගිය දවසක ඛනිජතෙල් එකට මේසන් බාස් ලා සහ වෑද්දුම්කරුවන් ගන්න බැලුවා. පුහුණුව තියෙන කිසි කෙනෙක් නෑ. මේවායේ ඉතා විශාල පඩි. නමුත් මේවාට ගන්න කට්ටිය නෑ. අන්න ඒ වැඩේ මම මගේ අලුත් ඇමතිකමින් මුළු ලංකාවේම උතරේ සිට දකුණ දක්වා සියලු දරුවන්ට රැකියාවලට සරිලන පුහුණුවීම් ලබාදෙන්න කටයුතු කරනවා.” යනුවෙන් පවසා සිටියේය.
හබරාදූව නිමල් අල්ගෙවත්ත
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

