ශ්‍රී ලංකාවේ හා පාකිස්තානයේ සිරගත කර ඇති ඉන්දීය ධීවරයින් වෙනුවෙන් කිසිදු මැදිහත්වීමක් සිදුකිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට කටයුතු කර නැතැයි ඉන්දීය කොංග්රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි චෝදනා කරයි.
එසේම කොංග්රය නැවතත් ඉන්දියාවේ බලයට පැමිණි පසු ධීවරයින් සඳහා වෙනමම කැබිනට් අමාත්‍යාංශයක් ස්ථාපති කිරීමට බලාපොරොත්තුවන බවත් ඔහු සඳහන් කරයි.
“ජාත්‍යන්තර මුහුදු සීමා උල්ලංඝණය කිරීම හේතුවෙන් ඉන්දීය ධීවරයින් බොහෝ පිරිසක් විදේශයන්හි සිරගතව සිටිනවා. මධ්‍යම රජය ශ්‍රී ලංකාවේ හා පාකිස්තානයේ සිරගත කර ඇති ධීවරයින් නිදහස් කර ගැනීම වෙනුවෙන් කිසිඳු මැදිහත්වීමක් සිදුකිරිමට සූදානමක් නෑ”