දිවයින පුරා පිහිටි රජයේ සියලුම මුස්ලිම් පාසල්, රාමසාන් (නෝන්බි) උපවාසය වෙනුවෙන් මසක් පුරා වසා තබන බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
රජයේ මුස්ලිම් පාසල්වලට අනිද්දා (26දා) සිට ජුනි මස 26 වැනි සඳුදා දක්වා, නෝන්බි උපවාසය වෙනුවෙන් නිවාඩු ලබා දෙන බවත්, මෙම පාසල් නැවත අධ්‍යාපන කටයුතු සඳහා ජුනි මස 27 වෙනිදා ආරම්භ වන බවත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ මුස්ලිම් පාසල් සංවර්ධන ශාඛාවේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂක ඉසඩ්. තාජුඩීන් මහතා පැවසීය.
මේ අතර, රාමසාන් උපවාසය වෙනුවෙන්, පෞද්ගලික මුස්ලිම් හා ජාත්‍යන්තර මුස්ලිම් පාසල් සියල්ලම මෙම කාලය තුළ වසා තබනු ඇත.
මිනුවන්ගොඩ - අයි.ඒ.කාදීර් ඛාන්