රාත්‍රී කාලයේ රුධිරය ලබාගැනීමට පැමිණෙන නිලධාරීන්ගේ මුවාවෙන් යම් පිරිසක් එචි.අයි.වී ඒඩ්ස් ආසාදනය පතුරුවන බවට සමහර වෙබි අඩවි මගින් සාවද්‍ය තොරතුරු පතුරවමින් පවතින බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.
බරවා රෝගය නැවත හිස එසවීම වැළැක්වීම සහ සහමුලින්ම තුරන් කිරීම අරමුණු කරගෙන බරවා මර්ධන ව්‍යාපාරයට අනුයුක්තව සේවය කරන මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරින් ඉතා දුෂ්කර තත්ත්ව යටතේ රාත්‍රී කාලයේ නිවෙස් වලට පැමිණ රධිර පටල ලබාගැනීම සිදුකරන බවත් ඔහු නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
එම පටල රසායනාගාරයේ දී පරීක්ෂා කර හදුනා ගන්නා රෝගීන්ට නිවසටම පැමිණ ප්‍රතිකාර ලබාදීමට නියමිතය.
මෙම රුධිර පරික්ෂාව රාත්‍රි කාලයේ දීම සිදු කිරීමට අවශ්‍ය වනුයේ බරවා ක්ෂුද්‍ර පණුවා පර්යන්ත රුධිරයට රාත්‍රී කාලයේ දී පැමිණෙන බැවිනි. නිවැසියන්ගේ ආරක්ෂාව සදහා මෙම නිලධාරීන් සිය නිළ ඇදුමින් සැරසී හැදුනුම්පත පැළැද සිටියි. මේ පිළිබදව යම් විමසීමක් සිදු කිරිමට අවශ්‍ය නම් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගෙන් එම තොරතුරු විමසා ලබාගැනිමට හැකිය.
සයිබර් අපරාධ පිළිබද මධ්‍යස්ථානයට මේ සාවද්‍ය තොරතුරු පිළිබදව පැමිණිලි කර ඇති අතර, මෙය සිතා මතා සිදු කරන කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව සිතන බවත් එම නිවේදනයේ දැක්වෙයි.