ශී්ර ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් පිහිටුවන අවස්ථාවක රාජිත සේනාරත්න මහතා කිසිසේත් සම්බන්ධ කර නොගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
කඩවතදී ඊයේ (06දා) පැවැති ශී්ර ලංකා පොදුජන පෙරමුණේ පළමු මැතිවරණ ප්රචාරක රැලිය අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේය.
මහින්ද රාජපක්ෂ මහතා මෙම රැලිය අමතමින් සිටි අවස්ථාවේදී අපේ ආණ්ඩුවකට රාජිත සේනාරත්න නම් ගන්න එපායැයි ජනතාව අතරින් නැගුණු අදහසකට පිළිතුරක් වශයෙන් මෙසේ සඳහන් කළේය.
“එයාව නම් ගාවගන්නේ නැහැ. බය වෙන්න එපා. මේ පාර කෝපිත් නැහැ. තේත් නැ" යැයිද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.