මහ මැතිවරණයෙන් පසු 2015 පෙබරවාරි 26 වැනිදා පැවැති මූල්‍ය මණ්ඩල රැස්වීමක් පැවැත්වූ බවත්, ඉන් අනතුරුව පැවැති අතුරු අයවැයේදී රජයේ සේවකයන්ට පඩි වැඩි කිරීම නිසා රජයේ වියදම වැඩි වූ බවත්, බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දෙමින් මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.
අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙසපත් වී පැමිණි විගසමහ බැංකුවේ එතෙක් පැවැති ක්‍රමය වෙනසකට භාජනය කළ බවත්, එහිදී තමාට මූල්යප්රතිපත්තිය පිළිබඳ කාර්යය පැවරුණු බවත්, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව හා ටෙන්ඩර් මණ්ඩලය නියෝජ්‍ය අධිපති පී.සමරසිරි මහතාට පැවරුණු බවත්, අර්ථසාධක අරමුදල නියෝජ්‍ය අධිපති ආනන්ද සිල්වා මහතා යටතට පැවරුණු බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්ෂි විභාග කිරීම සිදු කෙරේ.
2015 පෙබරවාරි මස පළමුවැනිදාත්, 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා මෙම ජනාධිපති පරීක්ෂණ කොමිසම පත්කොට ඇත.