සියලුම රජයේ සේවකයන් තමන්ගේ ආහාරපාන රැගෙන ඒමේදී කෑම පෙට්ටියක් සහ වීදුරු බෝතලයක් භාවිත කරන ලෙසට රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය හරහා ඉල්ලීමක් කර ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා පැවසීය.
එසේම පාසල්වල සැරසිලි කිරීමේදී පොලිතීන් යොදා නොගන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙන බවද ඔහු පැවසීය.
සිලිසිලි බෑග් සහ පොලිතීන් කෑම කොළ භාවිතයෙන් ඉවත් කිරීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ යටතේ මෙම කටයුතු සිදුකර ඇති බව මහවැලි සංවර්ධන අධිකාරියේ අද (02දා) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම පවසා සිටියේය.