මැතිවරණ කටයුතු හේතුවෙන් රාජ්‍ය ආයතන මගින් සිදුකරනු ලබන දෛනික මහජන සේවාවන් කිසිසේත් අතපසු නොවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි .
ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ අමාත්‍යාංශ ලේකම්වරු සමග ඊයේ (05දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුව අමතමිනි.
කිසිදු රාජ්‍ය ආයතනයක් සතු දේපළ සම්පත් හෝ වාහන මැතිවරණ කටයුතු සඳහා භාවිතා කිරීමට ඉඩ නොතැබීම අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ වගකීමක් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
නව වසරට අදාළ සංවර්ධන ඉලක්ක සහ සැලසුම් වසර ආරම්භයේ සිටම කි‍්‍රයාත්මක කිරීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා පසුගිය වසරේ අමාත්‍යාංශ සඳහා වෙන්කර තිබූ මුදල් භාවිතයට නොගෙන ආපසු මහාභාණ්ඩාගාරය වෙත යොමුකිරීම් සිදුව ඇත්නම් ඒ පිළිබඳ ඉදිරියේදී වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.
එමෙන්ම අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ වාර්ෂික විදේශ සංචාර පිළිබඳ පාලනයක් සහ විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා පැහැදිළි කළේය.
රජයේ ආයතනවලට වාහන මිලදී ගැනීම සහ පවත්වාගෙන යාම පිළිබඳ විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කළ ජනාධිපතිවරයා ආණ්ඩු මාරුවන විට වාහන අස්ථානගතවීම් වැනි අක්‍රමිකතා ඒ මගින් මගහරවා ගැනීමට අවස්ථාව ලැබෙන බවද කියා සිටියේය.