ජාතිවාදය සහ ආගම්වාදය වැපිරීමට සහ රාජ්‍ය විරෝධී කටයුතු සඳහා සමාජ ජාලා වෙබ් අඩවි සහ මුහුණු පොත් 80 ක් පමණ එකම ස්ථානයක සිට ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
ඒ පිළිබදව සියලු තොරතුරු අනාවරණ වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන කරයි. බේරුවල පයාගල ඊයේ (10දා) පැවැති උත්සවයකදී ඔහු මේ බව සඳහන් කළේය.
“සමාජ ජාලා වෙබ් අඩවි වලින් ජාතිවාදය පැතිරවූවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ගේ කට උත්තරවලින් මෙහි ප්‍රධානීන් සොයා ගන්න පුලුවන්. දිගන, තෙල්දෙනිය, මැණික්හින්න යන ප්‍රදේශවල සිදු වූ සිද්ධීන් වලට එක්තරා දේශපාලන පක්ෂයක නියෝජිතයින් සම්බන්ධ බවට ද තොරතුරු ලැබී තිබෙනවා. ඇතැම් ප්‍රචණ්ඩකාරීන්ට මත්පැන් ලබා දී ප්‍රවාහනය කර ඇති ආකාරය මේ වන විට හෙළිව තිබෙනවා.
බේරුවල දර්ගා නගරයේ ද මෙම ගින්න ඇවිලීමට ඇතැම් අය උත්සාහ කළත්, ඊට අවශ්‍ය ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම නිසා එවැනි සිද්ධියක් සිදු වූයේ නැහැ. ජාතිවාදය වැපිරූවන්ට දැඩිව නීති රීති ක්‍රියාත්මක කළ යුත්තේ ජාතික සමගිය විනාශ කිරීම හේතුවෙන්. මෙම ප්රචණ්ඩ ක්‍රියාවලින් විනාශ වූ දේපල සහ රාජ්‍ය ආයතනවලට වන්දි ගෙවීමට සිදු වන්නේ ද ඔබලාගෙන් ලබන බදු මුදලින්. එහි පාඩුවත් රටේ මහජනතාවටයි.”