ජනාධිපතිවරණයට පසුදා අලුයම අරලියගහ මන්දිරයේ සිදුවූවා යැයි පැවසෙන රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය සම්බන්ධයෙන්පොලිස් පරීක්ෂණ අවසන් කර නීතිපති උපදෙස් සඳහා යවා ඇති බව නීතිය හා සාමය, දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඊයේ (14දා) පාර්ලිමේන්තුවට පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් මේ බව කී අමාත්‍යවරයා නීතිපතිවරයා ලබාදෙන උපදෙස් මත මේ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද කියා සිටියේය.
ජනාධිපතිවරණයට පසුදා අරලියගහ මන්දිරයේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් වූ බව පවසමින් විශාල ප්‍රචාරයක් ගෙනගිය බවත්, එමගින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ අපකීර්තියට ලක් වූ බවත් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා කීය.