පෞද්ගලික අංශයේ සේවිකාවන්ට ලබාදෙන ප්‍රසූත නිවාඩු ප්‍රමාණය රාජ්‍ය සේවිකාවන්ට ලබාදෙන නිවාඩු ප්‍රමාණයට සමාන කරන බව කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සේනෙවිරත්න මහතා සඳහන් කළේය.
රාජ්‍ය සේවකයන්ට නිශ්චිත ප්‍රසූත නිවාඩු ප්‍රමාණයක් ලබාදුන්නද පෞද්ගලික අංශයේ සහ වතු අංශයේ සේවිකාවන්ට ලබාදෙන අඩු ප්‍රසූත නිවාඩු ප්‍රමාණය ගැන විශාල කතාබහක් ඇති වී තිබෙන බවද ඔහු පවසා සිටියේය.
මේ නිසා ප්‍රසූත නිවාඩු ප්‍රමාණය සමාන කිරීම සඳහා මේ වනවිට කෙටුම්පතක් සකස්කරමින් සිටින බවද ඒ මහතා සඳහන් කළේය.
මීට අමතරව 2016 වසරේ ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන දායකත්ව විශ්‍රාම වැටුපට අදාළ කෙටුම්පතක්ද මේ වනවිට සකස් කරමින් සිටින බවත්, එය ඉදිරි මාස දෙක තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් හෙතෙම පවසා සිටියේය.
අදාළ කෙටුම්පතට අනුව දායකත්ව විශ්‍රාම වැටුප 2016 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කරන බවද ඔහු කීය.