රජයේ ගිණුම් පිළිබඳ කාරකසභාව විසින් මේ වසර තුළදී රාජ්‍ය ආයතන 75ක ගිණුම් පරීක්ෂා කිරීමට සැලසුම්කර තිබෙන බව රජයේ ගිණුම් පිළිබඳ කාරකසභාවේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේය.
රජයේ ගිණුම් පිළිබඳ කාරකසභා විෂයපථයට රාජ්‍ය ආයතන 842ක් ඇතුළත් බවත් මේ වනවිට රාජ්‍ය ආයතන 38ක ගිණුම් පරීක්ෂාකර ඊට අදාළ වාර්තා පාර්ලිමේන්තුවට ලබාදී තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
සමස්ත රාජ්‍ය ආයතන සියල්ලගේම ගිණුම් කටයුතු පරීක්ෂා කිරීම සඳහා රාජ්‍ය ආයතනවලට ලබන වසරේදී තොරතුරු තාක්ෂණ පද්ධතියක් හඳුන්වා දෙන බවත්, මෙම පද්ධතිය සකස් කළ පසු කඩිනමින් රාජ්‍ය ආයතන ගිණුම් පරීක්ෂා කිරීමට හැකියාව ලැබෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය.
ඉන්පසුව දිගටම මෙම ක්‍රියාදාමය ක්‍රියාත්මක වන බැවින් රජයේ ගිණුම් පරීක්ෂා කිරීම කඩිනම්වන බවද හෙතෙම කියා සිටියේය.
රාජ්‍ය ආයතන තොරතුරු තාක්ෂණ පද්ධතියක් සකස් කිරීම සඳහා පසුගිය කාලයේදී විශාල මුදලක් වියදම්කර තිබෙන නමුත් එම ආයතන වලින් 99෴කගේම පද්ධති කඩා වැටී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.