හිටපු ජනපති මහින්ද මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයින් හා ඔහුට හිතවත් පිරිස් විසින් ඩුබායිහි බැංකුවල සඟවා ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක මුදල් සේවීම සඳහා ශ්රී ලංකාව ඉන්දියාවේ සහාය ඉල්ලා ඇතැයි ඉන්දීය වාර්තා කරයි.
මේ මුදල් ගිණුම් තුනක තැන්පත් කර ඇති බව පැවැසෙන අතර රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකුගේ ගිණුමක ඇමෙරිකානු ඩොලර් බිලියනක මුදලකුත්, තවත් පුද්ගලයන් දෙදෙනෙකුගේ ගිණුම් දෙකක ඇමෙරිකානු ඩොලර් මිලියන 500 බැගින් තැන්පත් කර ඇති බවත් ඉකොනොමික්ස් ටයමිස් පුවත් සේවය වාර්තා කරයි.
මෙම මහා පරිමාණ මුදල් පිළිබඳව සෙවීම සඳහා ඉන්දියාව මෙන්ම ඇමෙරිකාවද මේ වන විට කටයුතු ආරම්භකර තිබෙන බවද ඉකොනොමික්ස් ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය.