දැනට රාජපක්ෂ පදනම යටතේ තිබෙන හම්බන්තොට සිංගප්පූරු සම්මන්ත්රණ ශාලාව ප්රාදේශියලේකම් හෝ දිස්ත්රික් ලේකම් යටතට ගන්නා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී නිහාල් ගලප්පත්ති මහතා දිස්ත්රික් සම්බන්ධී කරණ කමිටුවේදී ඉල්ලා සිටියේය.
මෙම සම්මන්ත්රණ ශාලාව මේ වනවිට කුමන පදනම මත තිබුණදසියලු දෙනා වෙත නිශ්චිත සාධාරණ මුදලක් අය කර ගනිමින් එය ලබාදීම සඳහා කටයුතු කළ යුතු බවත්, එමෙන්ම මෙය දිස්ත්රික් ලේකම් හෝ ප්රාදේශීය ලේකම්වරයා යටතට පවරා ගැනීමට කටයුතු කළ යුතුබවත් මන්ත්රීවරයා මෙහිදී පවසා සිටියේය.
එසේ නොමැති වුවහොත් මෙය නරක පූර්වාදර්ශයක් වන බවද ඔහු පෙන්වා දුන්නේය.