රාජගිරිය හේවාවිතාරණ මහ විද්‍යාලයේ විදුහල්පති චිත්රපාල නාගසේන මහතා ඊයේ(19දා) උදේ හයට පමණ නිවසින් පිටව නියෝජ්‍ය විදුහල්පතිවරයා මුණ ගැසී සිය පාසැලේ මහින්දෝදය විද්‍යාගාරය විවෘත කිරීමට ජනාධිපතිවරයා පැමිණෙන උත්සවය තමන් පැමිණෙන තුරු සංවිධානය කරන්නැයි පවසා පිටව ගිය පසු නැවත නිවසට හෝ පාසැලට පැමිණ නැති බව චිත්රපාල මහතාගේ සහෝදරයා කොට්ටාව පොලීසියට පැමිණිලි කර ඇත.
පොලීසිය ඔහු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇතත් මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නැත.
චිත්රපාල මහතා අවිවාහකයෙකු වන අතර කොට්ටාව මාලඹේ පාර ක්‍රිස්ටල් ටෙරස් නිවාස සංකීර්ණයේ පිහිටි සිය වැඩිමහල් සහෝදරයා සමග වාසය කර ඇත. ඔහු අතුරුදන්ව ඇති බවට පොලීසියට පැමිණිලි කර තිබෙන්නේ එම සහෝදරයා විසිනි.
කොට්ටාව පොලීසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
පිළියන්දල දයාරත්න පතිරණ