රාජකීය විදුහල් සිසුන් සඳහා ඉදිරියේදී ටැබ් පරිගණක 1000ක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා හා තමන් සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
හරිත සංකල්පය අනුව එම විදුහලේ අලුතෙන් ඉදිකළ ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද (07දා) එක්වෙමින් ඔහු මෙම අදහස් දැක්වීය.
එසේම එම පහසුකම ඉදිරියේදී අනෙකුත් පාසල් සඳහා ගලායා යුතු බවත් ඔහු කීවේය.
අධ්‍යාපනය වෙනස් වෙන බව පැවැසූ අග්‍රාමාත්‍යවරයා එය නූතන තාක්ෂණයෙන් සන්නද්ධ කළ යුතු බවත් පැවැසීය.
මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්කාරියවසම්, නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා, රාජකීය විදුහල්පති උපාලි ගුණසේකර, විදුහලේ ආදි සිසුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ