කැනඩා නාවික හමුදාවට අයත් ‘විනිපෙග්’ නැමති නෞකාව පුහුණු සහ සුහද සංචාරයක් සඳහා අද (20දා) කොළඹ වරායට පැමිණි බව නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.
එ්අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
නෞකාව දිවයිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව සමග නෞකා අභ්‍යාසයන්, සුහද හමුවීම් ඇතුළු තවත් වැඩසටහන් රාශියක් සහ ක්‍රීඩා තරඟ කීපයක් සඳහා ද එහි නැව් මුළුව සහභාගී වීමට නියමිතය.
මෙම නෞකාව 25 වන දින නැවත කොළඹ වරායෙන් පිටත් වීමට නියමිතව ඇත.
