රාජකාරී ගිනි අවි අස්ථානගතවූ PC දෙදෙනෙකුගේ වැඩ තහනම්
රාජකාරි කටයුතු සඳහා ලබාදෙන ලද ගිනිඅවිය අස්ථානගත කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ වැලිගම පොලීසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී එච්. මාරපන මහතා කටයුතු කර ඇතැයි වාර්තා වේ.
පොලිස් හදිසි ඇමතුම් අංශයට (119) ලැබුණු තොරතුරක් මත පැමිණිල්ලක් විමර්ශනය කිරීම සඳහා වැලිගම, කොලේදණ්ඩ ප්රදේශයට යන අවස්ථාවේදී අදාළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා මෙම රාජකාරී ගිනිඅවිය රැගෙන ගොස් ඇත.
කෙසේ වුවද, යළි පැමිණෙන අවස්ථාවේදී එම නිලධාරීන් දෙදෙනා සතුව තිබූ ගිනිඅවිය අස්ථානගත වී තිබේ.
මෙම ගිනිඅවිය සොයා ගැනීම සඳහා මාතර කොට්ඨාස බුද්ධි තොරතුරු ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.කේ. කමල් මහතාගේ මූලිකත්වයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
එම පරීක්ෂණය අවසන් වනතුරු අදාළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇති අතර, මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී එච්. මාරපන මහතා මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.


