රුපයල් කෝටි 7.5ක් වටිනා ලංගම බස්රථ 143ක් සම්බන්ධයෙන් විශ්වාසය කඩකළ බවට චෝදනා ලද සිටින කෝටිපති ව්යාපාරික රවී වෙත්තිසිංහ මහතාට මෙවැනිම නඩු හයක් අැතැයි ජ්යෙෂ්ධ රජයේ නීතිඥ නයෝමි වික්රමසේකර මෙනවිය කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මියට දැනුම් දුන්නාය.
රවී වෙත්තසිංහ මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා කරුණු ඉදිරිපත්කරමින් පසුගිය රජය සමයේ පිටරට සැගව සිටි තම සේවා දායකයා මෙම රජය බලයට පත්වීමෙන් පසු ලංකාවට පැමිණියේ රිමාන්ඩ් බාරයේ පසුවීමට නොවේයැයිද, එහෙයින් ඔහුට ඇප නියම කරන්නැයිද ඉල්ලා සිටි අවස්ථාවේදී ඊට විරෝධය පළ කරමින් වික්රමසේකර මෙනවිය එලෙස කීවාය.