බැදුම්කර වාර්තාව තුළින් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ඇතුළු සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් ප්‍රකාශ නිකුතුව තිබීම ඉතා අසාධාරණ එකක් වන බවත් ඒ අනුව අදාළ වාර්තාවේ මුල් පිටපත් වහාම ලබා දෙන ලෙසත් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරණානායක මහතා සඳහන් කරයි.
තොරතුරු දැන ගැනීමේ පනත යටතේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් වූ ජනාධිපති කොමිෂන් වාර්තාවේ මුල් පිටපත් ඉල්ලුම් කිරීමට අද දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
ඉදිරිපත් කර ඇති ප්‍රකාශයේ එක්සත් ජාතික පක්ෂ ඉලක්ක කර ගනිමින් අසාධාරණ ලෙස සිදුකර ඇති බව එහිදී පවසා සිටි මන්ත්‍රීවරයා හිටපු බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතගේ වන්දි බට්ටයන් යොදවා තොරතුරු ලබාගෙන ඇති බව ද සඳහන් කළේය.
ඡායාරූප - ඉසුරු පෙරේරා