සතොසට සහල් මිලදී ගැනීමේදී රුපියල් ලක්ෂ 40ක මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් වූ නඩුවකට අදාළව ලබන මාර්තු මස 09 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට සිතාසි නිකුත් කළාය.
සතොස හිටපු සාමාන්‍යාධිකාරී නිමල් පෙරේරා මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුවක් විභාගයට ගන්නා ලද අවස්ථාවේදී හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සම්බන්ධයෙන්ද කරුණු හෙළිවීම නිසා ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ගැනීමට මහේස්ත්‍රාත්වරිය මෙලෙස හිටපු මුදල් අමාත්‍යවරයාට සිතාසි නිකුත් කළාය.
2001 සහ 2002 වසරවලදී සතොසට සහල් මිලදී ගැනීමේදී රුපියල් මිලියන 04ක (ලක්ෂ 40ක) මුදලක් අවභාවිත කළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සතොස හිටපු සාමාන්‍යාධිකාරී නිමල් පෙරේරා මහතාට එරෙහිව නඩු පවරා ඇත.
මෙම නඩුවේ වැඩිදුර විභාගය ලබන මාර්තු 09 වැනිදා දක්වා කල්තැබිණි.