දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් නිකුත් වූ නඩු තීන්දුව පිළිබඳව තම පක්ෂය සෑහීමකට පත්නොවන බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ ඊයේ (24දා) යාපනය දෙමළ ජාතික සන්ධාන කාර්යාලයේදී අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
"මෙම නඩු තීන්දුව රටේ අධිකරණය පිළිබඳව විශ්වාසයක් නොමැති බව පෙන්නුම් කරන්නක්. යුද අපරාධ සම්බන්ධයෙන් අභ්‍යන්තර විනිසුරුවරුන්ගෙන් පරිබාහිරව ජාත්‍යන්තර අධිකරණයක සහාය ඉල්ලා සිටින්නේ මෙවැනි තත්ත්වයක් මතයි. මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් මම වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා වශයෙන් ඇපෑලක් ඉදිරිපත් කරනවා" යැයි පැවසීය.