රනිල් ජයවර්ධන
එංගලන්ත මහ මැතිවරණයට හැම්ප්ෂයර් ප්‍රාන්තයෙන් (ඊශාන දිග) එක්වී එම අසුන ජයගත් ශ්‍රී ලංකා සම්භයක් ඇති රනිල් ජයවර්ධන වෙත තර්ජනය කළ එංගලන්ත නිදහස් පක්ෂයේ අපෙක්ෂකයෙකු පක්ෂයෙන් නෙරපීමටත්, රනිල් ජයවර්ධනගෙන් සමාව ගන්නා ලෙසත් පක්ෂයෙන් ඔහුට පවසා තිබේ.
රොබර්ට් බ්ලේ නම් අපෙක්ෂකයා මෙසේ රනිල් ජයවර්ධනට රැස්වීමකදී තර්ජනය කර තිබේ.
රොබර්ට් බ්ලේ පවසන්නේ රනිල් ජයවර්ධන එංගලන්තයේ අගමැතිවුවහොත් ඔහුගේ ඇස්දෙක අතරට තමන් පෞද්ගලිකව වෙඩි උණ්ඩයක් යොමු කරන බවයි.
එසේම රනිල් ජයවර්ධනගේ පවුල 1970 දශකයේ සිට එංගලන්තයේ සිටින බවත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සිටීමට එය ප්‍රමාණවත් නොවන බවත් රොබර්ට් පවසා තිබේ.
කෙස් වෙතත් ඔහුගේ මෙම ප්‍රකාශයන් පක්ෂ නායකයන්ගේ විවේචනයට ලක්ව තිබේ. ඒ අනුව ඉහත රනිල්ගෙන් සමාව ගැනීමටත් තාවකාලිකව පක්ෂයෙන් ඔහුවට නෙරපීමටත් කටයුතු කොට තිබේ.