භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්වීම සම්බන්ධයෙන් උද්ගත වී ඇති ආන්දෝලනාත්මක තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (17දා) දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක්සිදුකිරීමට නියමිතය.
2015 පෙබරවාරි 27 වැනිදින පැවැති වෙන්දේසියකදී රුපියල් බිලියන 10 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර ආන්දෝලනාත්මක ලෙස විකිණීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා නිත්‍ය නියෝග 23(2) යටතේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමට නියමිතය.
ප්‍රතිපත්ති සම්පාදන සහ ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා මෙම ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙනු ඇත.